Colombo Today Local News

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණයක් !

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඉහළ මට්ටමේ හමුදා පාඨමාලාවක් පැවැත්වීම සඳහා ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදේශීය ආරක්ෂක විද්‍යායතන විසින් වාර්ෂිකව ලංකාවට ලබාදෙනු ලබන පාඨමාලා සංඛ්‍යාව සීමිත බවද, එබැවින් අපේක්ෂිත පරිදි ආරක්ෂක අංශ පුහුණු කිරීමට නොහැකි වී ඇතැයිද පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු අද(30) සඳහන් කළේ මේ හේතු මත ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවය.

ශ්‍රී ලංකාව තුළ සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම විද්‍යායතනය ස්ථාපිත කිරීමට අදාළව පනතක් කෙටුම්පත් කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉකුත් වාරයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කළ බවද, ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද එම නිලධාරියා පැවසීය.

කෙටුම්පත් කරන යෝජිත පනත සම්මත වීමෙන් අනතුරුව මෙම විද්‍යායතනයේ ඉදිරි කටයුතු ආරම්භ කරන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ප්‍රංශ ණය යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරෙන කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි

Admin

පියන් කමකටවත් සුදුසුනැති බොහෝ පිරිසක් අද ඇමති මණ්ඩලේ ඉන්නවා – රාජිත

colombotoday

සාමාන්‍ය පෙළ ‍ප්‍රතිඵල වලින් මාධ්‍ය කරුවන් ‘මිනී මරනවා !’ – මහාචාර්ය සාලිය කුලරත්න

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

Admin

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

Admin