Colombo Today Local News

ප්‍රංශ ණය යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරෙන කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි

ප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරෙන කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්ත ශාලා හයෙන් එකක් වාරියපොළ මින්හෙට්ටියේ දී අද (4)දින විවෘත කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය විසින් මෙම කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්තශාලා හය ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම කර්මාන්තශාලාව සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 800කි. දෛනිකව කිරි ලීටර් 40,000ක් මෙම කුඩා කිරි සැකසුම් කර්මාන්තශාලාවේ දියර කිරි ලෙස සැකසෙන අතර, ගොවීහු 4200ක් දෛනිකව අවශ්‍ය කිරි මෙම කර්මාන්ත ශාලාවට සපයනු ලබති.

කිරි ලීටරයක් රුපියල් 140ක් බැගින් මෙම කර්මාන්ත ශාලාව විසින් මිලදී ගනු ලබයි.

මෙමගින් ගොවි ජනතාවට ප්‍රතිලාභ වශයෙන් හිමිවන මුදල දෛනිකව රුපියල් මිලියන 4.2කි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කිරි සැකසුම් මධ්‍යස්ථානය විවෘත වූ අතර එම අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Franchois Peatet, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.

Related posts

වෙස්වලා ගත් විමර්ශන නිලධාරීන් විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා කොල්ලකයි

colombotoday

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නා – දිනේෂ් ගුණවර්ධන

colombotoday

විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය

Admin

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනපතිගේ උපදෙස් මත යළි අහෝසියි

colombotoday

නිදහස නෑ කියා නිදහස් දා උතුරේ කලු කොඩි

colombotoday