Colombo Today Local Newsextremism & terrorism activities

මඩකලපුවේ හින්දු ආගමික මධ්‍යස්ථානයකට ‘සංහිදියා‘ මුස්ලිම් විරෝධයක් !!

මඩකලපුවේ වාලච්චේනහී  බ්‍රහ්මකුමාරි හින්දු භාවනා මධ්‍යස්ථානය වසා දමන ලෙස මුස්ලිම් පිරිසක් විරෝධය දැක්වීම නිසා පසුගිය සිකුරාද උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විදේශීය හින්දු ආධ්‍යත්මික නායකයන් පවා මෙම ස්ථානයට දේශන හා භාවනා වැඩසටහන් පැවැත්වීමට පැමිණෙන අතර, ප්‍රදේශයේ ඇතැම් මුස්ලිම් ජාතික පිරිස් පවා එය සහභාගී වන බව සදහන්.

මෙම ස්ථානයට එරෙහිව පසුගිය සමයේ ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලිය විසින් දිගින් දිගටම බාධා එල්ල වී ඇති අතර, පසුගිය සිකුරාදා දේව මෙහෙයෙනු පසුව භාවනා මධ්‍යස්ථානය අසල දැවැන්ත විරෝධතාවකට මුස්ලිම් පිරිස් සංවිධානය වෙමින් පවතින බවට ලැබුණු තොරතුරු මත පොලීසියට දැනුම්දීමෙන් පසුව එම ස්ථානය පොලිස් ආරක්ෂව යොදවා තිබෙනවා.

කෙසේ වෙතත් අදාල දිනයේ එම ස්ථානයට මුස්ලිම් ජතිකයන් කිහිප දෙනෙකු රැස්වී තිබෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මව්ලානා එම ස්ථනයට පැමිණීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. තමන් පැමිණියේ මුස්ලිම් ජනතාවට යම් අසාධාරණයක් සිදුවී තිබෙනවාදැයි සොයා බලා අවශ්‍ය පිලියම් යෙදීමට නිලධාරීන්ට උපදෙස් දීම සදහා යැයි මන්ත්‍රීවරයා පවසා ඇත.

අසාධාරණයක් සිදුව තිබෙන්නේ මුස්ලිම් ජනතාවට නොව තමන්ට බවත්, එහි සිටි හින්දු පිරිස ප්‍රකාශ කර ඇති අතර, ඇමති ඒ.එම්.එල් හිස්බුල්ලා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන මේ වන විට මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති තම ඉඩම් ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසද ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත.

[fbvideo link=”https://www.facebook.com/battinews/videos/1421340387941762/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

හින්දු කෝවිලක් කඩා මුස්ලිම් පල්ලියක් හදපු හැටි ගැන පුරසාරම් කියන ඇමති හිස්බුල්ලා

The secret, communal speech of minister hisbulla – කෝවිලක ඉඩමක් අල්ලාගෙන පල්ලියක් හදපු හැටි ඇමතිගෙ කටින්ම අහන්න.

Related posts

මහින්ද පවුල ගොඩ ගන්න රටත් පාවා දෙනවා.. පොහොට්ටුව හැදුවේ නාමල් රජ කරවන්නයි

colombotoday

ජනපති ඉන්දියානු හමුදාවේ සහය ඉල්ලයි…

colombotoday

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

colombotoday

සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය ලබන 01 වැනි දා ආරම්භ කෙරේ.

colombotoday

සීඅයිඩිය හා ශානිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ පොලිසි යයි

colombotoday

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday