Colombo Today Local News

ජපානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 235 ක් රැගෙන එති

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද (16) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබු ජපානයේ නරීටා ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන එම ගුවන් යානය අද අලුයම 3.38 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙබළුන් විසින් ඔවුන් සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු විශබීජ හරණයට ලක්කර මෙම මගීන් පිරිස තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බැලීමක් ද සිදු කර සියලු පරීක්ෂණයන් නිමාවට පත් වූ පසු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ මගින් මෙම පිරිස නීරෝධායන මද්‍යස්ථාන සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.

Related posts

දුෂිත විදුලි නියාමන කොමිෂන් සභාව ගැන සොයා බලන්න – පාරිභෝගිකයන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

ලෝක බිත්තර දිනය ලංකාවේ පළමු වරට සමරයි

colombotoday

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

colombotoday

අතුරුදන්වූවන්ගේ පනත නවත්තන්න අපටත් දෙයක් කරන්න බැරිවුණා.. කණගාටුයි – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය

Admin