Colombo Today Local News

ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් පොලිස් පති ඉල්ලයි

තමන්ව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වළකාලමින්  ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා  පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා  අද ( 29)  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.

 නීතීඥ  දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු  කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපති , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න,   ව්‍යවස්ථාදායක සභාවේ සභාපති සහ කතානායක වන කරූ ජයසූරිය ,එහි සාමාජිකයින් වන අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,ආර් .සම්බන්ධන් , ජාවේඩ් යූසුෆ්, එන් සෙල්වකුමරන්,බිමල් රත්නායක, සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

තමා පොලිස්පති ධූරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා ඉකුත්දා කළ නියෝගයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී  ඇති බව ද පෙත්සම්කාර පොලිස්පතිවරයා සිය පෙත්සමේ සඳහන් කර ඇත.

 පෙත්සම්කරු සිය පෙත්සමින්  වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා තමන් ඉකුත්දා අනිවාර්ය නිවාඩු යවමින් කළ නියෝගය අත්හිටුවන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වන තුරු තමා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය 

Related posts

හරීන්ට එජාපයේ ලොකු පුටුවක් හිමිවෙයි…

colombotoday

අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා – ඇමති රිෂාඩ් (VIDEO)

colombotoday

කොවිඩ් ආසාදිත උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කෙරේ

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික අපි විරුද්ධයි – වී. රාධාක්‍රිෂ්ණන්

colombotoday

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න…. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්…

colombotoday