Colombo Today Local News

ජනපති වී මාස දෙකකින් සෑම උපාධිධාරියෙකුටම රැකියාවක් දෙනවා – සජිත් ප්‍රේමදාස

තමා ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නොමැති සෑම උපාධිධාරියෙකුටම රැකියා ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 02දා පැවැසීය.

ලක්ෂ ගණනක් වූ ත්‍රී රෝද රථ රියදුරන්ට ඇපයක් පොලියක් නොමැතිව රුපියල් ලක්ෂ 3 ක ණයක් ලබා දෙන බව ද ඒ මහතා කීවේය.

මාවනැල්ල හා ගම්පොල පැවැති ජනරැළි අමතමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහතා මෙසේද කීය.

“සෑම ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයක්ම මුලික කරගෙන කර්මාන්ත පුර අරඹනවා. ඒ කර්මාන්ත පුරවර වැඩසටහන තුළ යොවුන් පරපුරට රැකි රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජියට යන සෘජු විදේශ ආයෝජන අපි අපේ මාතෘභුමියට රැගෙන එනවා.

අපේ යොවුන් පරපුර ඩිජිටල් විප්ලවය ගැන ලොකුවට කතා කරනවා. එය කතාවට පමණක් සිමා නොකර මහපොලොවේ ක්‍රියාත්මක කිරීමට අපි නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කරලා එහි ජාත්‍යන්තර ප්‍රමිතියට පත්වනවා.”

Related posts

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයට අනුමැතිය

Admin

“මව්බිම අනතුරේ” මහ සඟරුවන අද සවස 2ට පිටකොටුවේ සත්‍යක‍්‍රියාවක

colombotoday

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි – එක් සිසුවෙක් මිය යයි

Admin

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

colombotoday

මුස්ලිම් කොළණියක් හදන්න බදියුදීන් මුලතිව් අක්. 1000ක් ඉල්ලයි.. විග්නේෂ්වරන් දෙන්න බෑ කියයි

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday