Colombo Today Local News

ගිනි ගත් ඉන්ධන නැවේ තෙල් කාන්දුව තවමත්

ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව ආශි‍්‍රතව මුහුදු ජලයේ දක්නට ඇති තෙල් පැල්ලම තවදුරටත් පවතින බව නිරීක්‍ෂණය කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර පළමු වරට මෙම තෙල් පැල්ලම හදුනාගත් අතර එය විසිරවීම සදහා රසායනික ද්‍රව්‍ය යෙදීම ආරම්භ කෙරුණා. මෙලෙස තවදුරටත් පවතින්නේ දෙවන වරට හදුනා ගත් තෙල් පැල්ලමයි.

නෞකාව ආශි‍්‍රතව මුහුදු ජලයෙන් ලබාගත් සාම්පල මේ වනවිටත් පරීක්‍ෂණ සදහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමුකර අවසන්.

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පැවසුවේ මෙම තෙල් පැල්ලම ඇති වන්නේ නෞකාවෙන් ඉවත් වන ඉන්ධන හේතුවෙන් බවයි.

21 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් ඊයේ (10) දිනයේ ගිනිගත් නෞකාවට ගොඩ වුණා.

විදේශීය ආපදා කළමණාකරන විශේෂඥයින් 17 දෙනෙකු හා ආපදා කළමණාකරනය පිළිබඳ විශේෂඥ පුහුණුව ලැබූ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සිව් දෙනෙක් ඊට අයත්.

ආපදාවට ලක් වූ නෞකාව මේ වනවිටත් ශී‍්‍ර ලංකාවේ සිට නාවික සැතපුම් 50කට වඩා වැඩි දුරකට රැගෙන ගොස් තිබෙනවා.

පැනමා රාජ්‍යයේ ලියාපදිංචිය ඇති ග‍්‍රීක සමාගමකට අයත් MT නිව් ඩයමන්ඞ් ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ මෙම ගින්න හටගත්තේ, කුවේට් හී සිට නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප‍්‍රාන්තයේ පැරඩිප් වරාය වෙත ගමන්කරමින් සිටියදීයි. ඒ, සැප්තැම්බර් 3වැනිදා උදෑසනයි.

Related posts

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

බෙදුම්වාදී ව්‍යවස්ථාව මේ ආණ්ඩුවේ මිනී පෙට්ටියට ගහන අන්තිම ඇණයයි !

colombotoday

රට වටෙන් තුවක්කු – බෝම්බ හමුවේ : පොලිස් මෙහෙයුම් දැඩි වේ

colombotoday

පාසල් දරුවන්ගේ ආහාර අවශ්‍යතාවට චීනයෙන් සහල්

colombotoday

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday

“වාහන මිළ වැඩිකළේ පාසල් හැරයන තරුණයන් ත්‍රීවීල් පදින නිසා” රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

colombotoday