World

ගජමිතුරු සංග්‍රහ චෝදනා… ජපාන ඇගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි…

ගජමිතුරු සංග්‍රහය පිළිබඳ තමන්ට එල්ලවන චෝදනා හේතුවෙන් රජය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.

ඒ, එරට කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වාර්ෂික සම්මේලනයට එක්වෙමිනි.

මෙවර පක්ෂ වාර්ෂික සම්මේලනය පැවැත්වුණේ සම්මේලන භූමිය ආසන්නයේ විරෝධතා ද පැවැත්වෙමින් තිබියදී ය.

විරෝධතාකරුවන් පාලනය සඳහා කැරළි මර්දන පොලීසිය ද කැඳවා තිබුණි.

විරෝධතාකරුවන් එහිදී ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ය.

රජයට අයිති ඉඩමක්, සිය බිරිඳට හිතවත් පාර්ශවකයට විශාල වට්ටම් මුදලක් මත, අලෙවි කිරීමේ සිද්ධියක් අනාවරණය වීමත් සමඟ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දීමට සිදුවිය.

විදෙස් වාර්තා පවසන්නේ අග්‍රාමාතයවරයාගේ ජනප්‍රියත්වය මේ වනවිට ශීඝ්‍රයන් පහත වැටී ඇති බව ය.

Related posts

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

Admin

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක

colombotoday

දිල්ලි පුරවරය අදුරු වෙයි.

colombotoday

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday

සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday