World

දිල්ලි පුරවරය අදුරු වෙයි.

ලොව වායු දූෂණය ඉහළම නගරයක් වන ඉන්දියාවේ දිල්ලි පුරවරය මේ වනවිට ඝන දූලි මීදුම් දුමාරයකින් වැසී ගොස් ඇති අතර, එහි වායු දූෂණය අනතුරුදායක මට්ටමකට පැමිණ ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කරයි.

උෂ්ණත්වය පහත වැටීම සහ සුළඟේ වේගය අඩුවීම නිසා එලෙස විෂ වායු රැඳී තිබීම විශේෂයෙන් දැකිය හැකියි.

මේ නිසා 500 දක්වා දිවෙන වායු තත්ත්ව දර්ශකයේ දිල්ලි වායු දූෂක මට්ටම 470 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය, නීරෝගී පුද්ගලයන්ට මෙන්ම විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් ඇති කරන බවයි විශ්වාස කරයි.

මේ නිසා ඉදිරි පැය 48 තුළ මෙම වායු දූෂණයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීමටද දිල්ලි නාගරික පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

Related posts

ව්‍යවස්ථා සංශෝධන ජනමතවිචාරණයෙන් අන්ත පරාජයක්.. ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

colombotoday

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

colombotoday

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේ

Admin

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

colombotoday