World

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

1990 වර්ෂයේදී ඇඟලුම් වෙළෙඳසැලක් තුළ මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවට අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ.

ජීන් කැරොල් නම් මාධ්‍යවේදිනිය විසින් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබූ සිවිල් නඩුවකදී එහි ජූරි සභාව විසින් එම තීරණය ගෙන තිබේ.

ඇය චෝදනා කර ඇත්තේ එම ඇඟලුම් වෙළෙඳසැලේ පැළඳුම් කාමරයක් තුළදී ට්‍රම්ප් ඇයට ලිංගික හිරිහැර සිදුකර ඇති බවය.

ඒ අනුව අදාළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු කළ අදාළ ජූරි සභාව අදාළ මාධ්‍යවේදිනියට අමෙරිකානු ඩොලර් මිලියන 05ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ද ඩොනල්ට් ට්‍රම්ප්ට නියෝග කර තිබේ.

Related posts

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday

ස්පේස්-එක්ස් රොකට්ටුව ගොඩබෑමේදී පුපුරා යයි

colombotoday

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin

වෛද්‍ය විද්‍යාලයක මිනිස් සිරුරු කොටස් ජාවාරමක්

Admin

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

පකිස්තානයේ භූ කම්පනයකින් 20ක් මරුට

colombotoday