Colombo Today Local News

කෝටි දෙකක කේරළ ගංජා තලෙයිමන්නාරම මුහුදු තීරයෙන් හමුවෙයි

රුපියල් කෝටි 2 කට අධික කේරල ගංජා කිලෝ 147 ක් තලෙයි මන්නාරම් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිදුකරනු ලැබූ සෝදිසි සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් දෙකක් නිරීක්ෂණය වීමෙන් අනතුරුව එම පාර්සල් පරික්ෂා කර බැලීමේදී කේරල ගංජා තොගය සොයා ගෙන ඇත.

ඉන්දියාවේ සිට අදාල කේරල ගංජා තොගය රැගෙන ඒමෙන් පසුව නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා තොගය මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

සොයාගත් කේර්ල ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් මුලංකාවිල් පොලීසිය වෙතට ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

Related posts

2015 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

colombotoday

විශ්වාසභංග විවාදය පැය 12 ක්

colombotoday

ඉඩම් අමාත්‍යධූරය රාජිතගේ පුතා චතුර ඉල්ලයි

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 10යි… හෙට දිවුරයි, ජනවාරි 01 විසුරැවා හැරේ….

colombotoday

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

ජනපතිගේ කඩුවට කැපෙන එජාප ප්‍රබලයෝ මෙන්න

colombotoday