Colombo Today Local News

කොළඹ පිටකොටුවේ ලංගම බස් රථ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර මිහිපිට අපායක්

නත්තල් හා නව වසර උදාව නිමිති කොට පැවැත්වෙන උත්සව සමයේ මගී ප්‍රවාහන සේවා සම්බන්ධව සොයා බැලීම සඳහා ඊයේ පස්වරුවේ (24) ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිටකොටුව ලංගම බස් රථ නැවතුම් පොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මේ වනවිට අවශ්‍ය තරම් බස් රථ මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති නමුත් මගී ජනතාව සඳහා ආහාර පාන සැපයීම හා  සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය. ඒ අනුව කඩිනමින් ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස දැන්වූ අමාත්‍යවරයා එහි මහජන වැසිකිළි කැසිකිළි පද්ධතිය නිරීක්ෂණය කළේය.

ඒ වනවිටත් එහි වැසිකිළිවල දොරවල් ගැලවී, ඉතා අපිරිසිදු මට්ටමින් තිබුනි. වහාම එහි කොන්ත්‍රාත්තුව බාරව සිටින පුද්ගලයා කැඳ වු අමාත්‍යවරයා සතියක් තුළ දොරවල් අලුත්වැඩියා කර තීන්ත අලේප කර වැසිකිළි කැසිකිලි පද්ධතිය ආකර්ශණීය තත්ත්වයට පත් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට කටයුතු කරන බවත් දැන්වීය.

එමෙන්ම මේ වනවිට කිසිවෙකු ගේ හෝ අවධානයට යොමු ව නැති රියදුරු හා කොන්දොස්තර විවේකාගාරය ද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය. කොන්දොස්තර හා රියදුරු විවේකාගාර සියල්ල වැසිකිලි ගඳින් පිරී ගොස් තිබු අතර දුහුවිලි හා මකුළු දැල් බැඳ එම විවේකාගාර සියල්ල හතර මහ අපාය පරිදි විය.

අධික උණුසම නිසා එම විවේකාගාර පොරණුවක් මෙන් විය. විදුලි බුබුලක් හෝ විදුලි පංතාවක් හෝ නොමැති එම විවේකාගාර සියල්ල අඳුරු ගුහාවන් පරිදි විය. ඒවා තුළ වූ යකඩ තට්ටු ඇඳන් මත කොන්දොස්තරවරු හා බස් රථ රියදුරෝ අසරණයින්  මෙන් වැතිර සිටියහ.

අමාත්‍යවරයා එහි යනවිටත් දුරගමන් සේවා බස් රථවල සේවය කරන, ඊලග වාරය එන තෙක් නිදා ගෙන සිටි රියදුරු හා කොන්දොස්තරවරු රැසක් එහි නිදාගෙන සිටියේය. දුහුවිලි පිරුණු, කළු පැහැ ගැන්වුනු ඇඳ ඇතිරිලි මත ඒ සියලු දෙනා වැතිර සිටියේය.

අත්අඩංගුවට ගන්නා මන්ත්‍රීවරු සියලු දෙනා යැවිය යුත්තේ වැලිකඩ හිර ගෙදරට නොව ලංගම විවේකාගාරවලට යැයි පැවසූ අමාත්‍යවරයා ඉතාමත් ඉක්මනින්ම මෙම විවේකාගාර පිරිසිදු කර, හොඳ ඇඳන් හා මෙට්ට දමා එමෙන්ම වායුසමීකරණය කර දී රියදුරු හා කොන්දොස්තරවරුන්ට යහපත් විවේකාගාර පද්ධතියක් සකස් කර දෙන බව දැන්විය.

මාර්ග අනතුරු වළක්වා ගැනීමට නම් රියදුරන්ට අවශ්‍ය පරිදි මානසික විවේකය  ලබා දිය යුතුය. එසේ නොකරන්නේ නම් නිදිමතේ මහන්සියෙන් හා විඩාවෙන් රිය අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ ඉතාමත් ඉහළ බව කී අමාත්‍යවරයා තෘප්තිමත්  රියදුරන් හා කොන්දොස්තරවරුන් පිරිසක් මගී ප්‍රවාහණ සේවාව තුළ නියුක්ත කරලීම තම අරමුණ බව ද සඳහන් කළේය. 

එමෙන්ම පිටකොටුව ලංගම බස් නැවතුම් පොළ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇති නිසා ලංගම බස් නැවතුම් පොළේ සියලු ගොඩනැගිලි රජය හා පුද්ගලික අංශයේ දායකත්වය මත අලුතින් සකස් කර අලංකාර කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

Related posts

නාමල්ගේ ජනබලේ වතුරත් නෑ… කක්කුස්සිත් නෑ… ෆෝන් ඕෆ් කරන් සුදු පුතා පැනල ගිහිල්ලා – වෙල්ගම ප්‍රහාර දැඩි කරයි…

colombotoday

ඔයා දේශපාලනයෙන් අයින් වෙලා හමුදාවටම යනවා නම් හොඳයි – මෛත්‍රී ෆොන්සේකාට කියලා

colombotoday

අද රට කරවන්නේ රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලිංගකයෝ කණ්ඩායමක් – ඥානසාර හිමි

colombotoday

රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න

colombotoday

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 නඩු

colombotoday

“ලංකාව අද ලෝකෙට විහිළු සපයන රටක් වෙලා.. අපට මොකද වුණේ“ – බෙල්ලන්විල නාහිමි

colombotoday