Covid 19

කොවිඩ් වැළදුණු මවක් දින 21ක බිළිදා සමග රෝහල් ගත කෙරේ.

තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

ඇයගේ දරුවට දවස් 21ක් වන බැවින් ඇය සමග බිළිඳා ද රෝහල්ගත කෙරුණි.

මෙම කාන්තාව නුවර සිට කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන තම ඥාතියෙකුගේ නිවසෙහි සතියක කාලයක් නැවතී සිට කුඩාවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ආපසු පැමිණ තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාතියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඇයට දැනගැනීමට ලැබී ඇත්තේ ඉන් පසුවය.

ඒ අනුව ඇයට සිදුකළ PCR පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 1,018ක්

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුර 9000 ඉක්මවයි

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday