Colombo Today Local News

කොණ්ඩ චමින්ද ඇතුළු තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙන්වෙන්ව පවරා තිබූ නඩු තුනක විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

දීර්ඝ විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.68 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඒ. ඩබ්ලිව්. මනෝජ් නැමැත්තෙකුට විනිසුරුවරයා විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

2013 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ දෙවන විත්තිකරු වන්නේ ටී.ආර්.එච්. කරුණාරත්න නමැත්තෙකි.

2013 වසරේ අගෝස්තු මස 27 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සුරාබදු නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ වැටලීමකින් අනතුරුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.37 සන්තකයේ තබා ගනිමින් සිටිය දී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මුනියන්ඩි උපුල් චමින්ද හෙවත් ‘කොණ්ඩ චමින්ද’ නැමැත්තෙකුට ද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබේ.

ඔහු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.29 සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම පිළිබඳව චෝදනා ලැබ සිටියේය.

මෙම විත්තිකරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් 2013 වසරේ නොවැම්බර් මස 14 වනදා මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට කැස්බෑ සිරුරු ගොඩ ගසයි

colombotoday

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Admin

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග යළි කල් යයි

colombotoday

ගජ උතුරේ සියලුම පාසල් වස්සවයි

colombotoday

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

colombotoday