Colombo Today Local News

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයට කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයශාන්ත ඇතුළු පිරිස සිදුකළ පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතීඥ නුවන් බෝපගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද උදෑසන තමන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

කුණුකන්දට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයට කොළොන්නාව නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ පහරදීමක් සිදුකර තිබෙනවා. පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. පහරකෑ පුද්ගලයන් අතර එම ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ ද ඇතුළත්.

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව ඊයේ කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණා. අනතුරුව, එම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයෙකු පැමිණ සඳහන් කළේ මෙම ගැටලූව විසඳීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බවයි. නමුත්, විසඳුම් ලැබෙන කාලසීමාව පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශ නොකිරීම හේතුවෙනුයි විරෝධතාවයේ නිරත පිරිස සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට කටයුතු කළේ.

Related posts

සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් රිමාන්ඩ්… රංගිරි දඹුල්ල ජාතික පාසලේ හර්තාලයක් !

colombotoday

පොහොට්ටුවේ මහරගම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජිල් බෝල ගැසූ 6ක් වටලයි

Admin

ශ‍්‍රී ලංකාවේ අන්තිම රජු කියාගෙන කනගරාජා නමැත්තෙක් ජිනීවා එයි

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

“ජනතාව ඉල්ලන දේ දෙන්න මං ලෑස්තියි“.. අලුත් පක්ෂයක් හදන බව මිණිපුරයේදී මහින්ද සහතික වෙයි

colombotoday