Colombo Today Local News

කිරින්ද මුස්ලිම් විදුහලට සජිත්ගෙන් තෑග්ගක්…

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්‍ෂ 38ක් පමණ වටිනා නව බස් රථයක් ප්‍රදානය කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ඉකුත් සතියේදී සිදුවිය. මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් සඳහා බස්රථ ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ලබා දුන් 18 වැනි බස් රථයයි.

බස් රථය මිලදී ගැනීම සඳහා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මුදල් පරිත්‍යාග කරන ලද්දේ පෞද්ගලික දානපතීන් පිරිසක් විසිනි. මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රි නිමල් ලාල් චන්ද්‍ර පුංචිහේවා, කිරින්ද මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පති එන්.පී. අලව්දීන් යන මහත්වරුන්ද, ගුරු දෙගුරුන්, ශිෂ්‍ය – ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.

Related posts

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday

දකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණ

colombotoday

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

colombotoday

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාව විකුර්ති කළා යැයි සැක දෙදෙනෙක් ගැන ඥානසාර හිමි කියති.

colombotoday

අගමැති හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

colombotoday