Colombo Today Local NewsCovid 19

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඒ අතර කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක් ද සිටී.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා,

“කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා රෝගය ආසාදනය වු බවට අපිට පසුගිය දිනක තහවුරු වුණා. එයින් එක් වෛද්‍යවරියක්ගේ ස්වාමිපුරුෂයාට රෝගය වැළඳී ඇති බවට පෙරම තහවුරු වුවා. ඊට අමතරව, ඇයගේ පුතාට රෝගය වැළඳී තිබුණා. එම වෛද්‍යවරියගේ බාල දියණිය සහ ගෘහ සේවිකාවට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. මේ වන විට අපි ඔවුන්ව කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත පිටත් කර යවා තිබෙනවා.“

Related posts

“13 නොදීම නිසා උතුරේ ජනතාවට අසාධාරණයක් වෙලා.. බලය බෙදීමක් ඕනෑ” – මහින්දානන්ද

colombotoday

රිෂාඩ් යළි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වලින් ඇත්ත හංගලා… පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි !

colombotoday

සති 50ක් බලයේ සිටි ජනපතිවරයා ශත 50ට වැටුණා… ඔහු ජනපති කරවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා…

colombotoday

ධනුෂ්කට එරෙහි චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

Admin

මියගිය කොටින්ට වන්දි ගෙවන්න පාර්ලිමේන්තුවේදී අනුමතයි (Video)

colombotoday