Colombo Today Local News

කරුණාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බැවින් තමන්ගේ අවශ්‍යතාවය මත ඕනෑම පුද්ගලයකුට ඕනෑ ම දෙයක් කිව හැකි බවත් ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධයෙන් මේ රට බහුතර ජනතාව දරන මතය සම්බන්ධයෙන් අමුතුවෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට අවශ්‍යය නොවන බවත් පුද්ගලයෙක් දෙන්නෙක් යුද හමුදාව සම්බන්ධයෙන් යම්  ප්‍රකාශයක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් සැලෙන්න අවශ්‍යතාවයක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) මහනුවරදී ප්‍රකාශ කර සිටියේ ය.

ඒ මහතා එසේ ප්‍රකාශ කර සිටියේ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍යවේදින් හමුවේ කරුණා අම්මාන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි .

එහිදී ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ කොවිඩ් 19 සමයේ යුද හමුදාවේ පුහුණු වීම් කටයුතු යම් මට්ටමකට සීමා කිරීමට සිදු වුවත් සම්පූර්ණයෙන් නිෂ්ශබ්දව නොසිටි බවයි . එම කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද සන්නද්ධ රථ (යුනි බෆල් ) නවයක් ඉකුත් 26 වෙනි දින මාලි රාජ්‍යය බලා නැව් ගත කළ බවයි .

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ මාලි රාජ්‍යය ක්‍රියාත්මක සාම සාධක හමුදාව යටතේ ශ්‍රී ලංකා සොල්දාදුවන් 243 දෙනෙකු සේවය කරන බවත් ඔවුන් සන්නද්ධ රථ කණ්ඩායමක් හෙයින් එම යුනි බෆල් රථ ඔවුන්ගෙන් ප්‍රයෝජනය සඳහා පිටත් කර හැරිය බවත් ය. එවැනි සන්නද්ධ රථයක් විදේශීය රටකින් මිලදී ගන්නේ නම් රුපියල් මිලියන හතළිහක් පමණ වන බවත් එහෙත් ඉතා අඩු මුදලකට එම රථ ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කළ බවත් ඒ මහතා පැවසීය . එවැනි රටක් සඳහා විදේශීය රටවලින් ඇනවුම් ලැබෙන්නේ නම් එය නිෂ්පාදනය කොට ලබා දීමට සූදානම් බව ද යුද හමුදාපතිවරයා පැවසීය .

කොවිඩ් 19 වසංගතය මෙරට නො තිබුණා සේ ඇතැම් පුද්ගලයන් හැසිරෙන බවක් පෙනී යන බවත් ජනතාව පෙර පරිදි ම හා ආරක්ෂක උපාය මාර්ග ක්‍රියාවට නැංවිය යුතු බවත් මුඛ ආවරණ හා පුද්ගල දුරස්ථ භාවය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු පැවැසීය.

විදේශීය රටවලින් පැමිණෙන මෙරට ජනතාව අතුරින් එම රෝගීන් දිනෙන් දින ම හමුවෙන බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් ව සිටිය යුතු බවද පැවසීය . විදේශීය රටවල සිටින මෙරට ජනතාව ඉදිරියටත් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

Related posts

(Video) මානුෂීය මෙහෙයුම ගැන මෙතෙක් නොකී මානුෂීය කතාවක් විජයග්‍රහණයේ නියමුවා හෙළි කරයි

colombotoday

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ප්‍රදේශ කිහිපයක සිදුවන දේ

colombotoday

(Video) මෙතරම් පාවා දිමක් තවත් නෑ.. බලහත්කාරයෙන් සම්මතකල පනතේ භයානකකම විමල් කියයි

colombotoday

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

colombotoday

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday