Colombo Today Local News

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

රත්නපුර, කරංගොඩ ප්‍රදේශයේ දී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එහිදී සැකකරු සතුව තිබී බෝර 12 ගිනි අවියක්, එම වර්ගයේ සජීවි උණ්ඩ 04ක් සහ ජීව අත්බෝම්බ 02ක් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කරංගොඩ ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (15)දින රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රත්නපුර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා යටතට

colombotoday

දිවයින පුරා තවත් නගර 20ක් අද සිට අගුළු දමා ගනී

colombotoday

දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

Admin

“බැරිවෙලාවත් ප්‍රභාකරන්ගේ මිනිය වළ දාලා තිබුණානම් ආණ්‌ඩුව ඒකත් ගොඩ ගන්නවා ෂුවර් “

colombotoday

මේ අපේ ආණ්ඩුවක් නෙවෙයි, මේක අටපට්ටමක්.. කොහොම වුණත් මට ඕන අමාත්‍යාංශයනම් මම ගත්තා

colombotoday

‘එට්කා‘ සාකච්ඡා මේ වසරෙන් ඉවරයි.. අත්සන් කිරීම ඊළගට !

colombotoday