Colombo Today Local NewsCovid 19

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 550 ක් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් පුද්ගලයින් 444 දෙනෙකු පුනරුත්ථාපනලාභීන් වන අතර 64 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් වන බව සඳහන්වේ.

සෙසු 42 දෙනා ඔවුන් ලඟින් ඇසුරු කළ පුද්ගලයින් බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් අද (18)දින නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මුලතිව් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 219 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.

මීට අමතරව පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 104 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් තිබේ.

ඒ අනුව අද දිනය වන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් සංඛ්‍යාව 23,286 ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 56 ක් තුළ පුද්ගලයින් 6711 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ද එම මධ්‍යස්ථානය පවසයි.

Related posts

ජනවසම පරිගණක දත්ත මකා දැමීමට ගිය සේවිකාවකගේ වැඩ තහනම්

colombotoday

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

colombotoday

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද පාර්ලිමේන්තුවට !

colombotoday

සැප වාහන 800ක් හොරට ගෙනත් : ඉහළ අණින් රේගු පරීක්ෂණ නවතී.. කෝටි 400ක් රජයට පාඩුයි

colombotoday

දැයම එක රොදකට බොදු බල සේනා මහනුවර රැලියේදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙන්න

colombotoday

පොල්පිතිගම සමූපකාර ඡන්දයෙන් ජවිපෙට දැවැන්ත ජයක්.. 2/3 ඉක්මවා 3/4ට ආසන්නයි..

Admin