Colombo Today Local News

කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය සෑහෙන කාලයක් තිබුණා- අනුර

කොරෝනා වෛරසය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළු වී සැලකිය යුතු කාලයක් එහි පැවති ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එකවරම පන්සියයකට අධික ආසාදිත ප්‍රමාණයක් හමු වීමෙන් පෙන්නුම් කරන්නේ කොරෝනා වෛරසය ඒ එම කඳවුරේ සැලකිය යුතු කාලයක් තිස්සේ පැවති බව යැයි ද ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වයන් අවම තත්ත්වයකින් බේරාගත හැකිව තිබූ බව ද ඔහු පැවසීය.

ඉදිරි දින දෙක තුන ඉතා තීරණාත්මක බවත් එනිසා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙවර මැතිවරණය සඳහා වූ ජවිපෙ ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

Related posts

කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල

colombotoday

වැදි රැහේ ඇත්තනුත් මැතිවරණ සටනට..

colombotoday

පුංචි ඡන්දයේ ගැසට්ටුව නිකුත් වෙයි

Admin

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

සරසවි ප්‍රවේශය සදහා සිසුන් ලියාපංදිචිය අද සිට අරඔයි

colombotoday

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

colombotoday