Colombo Today Local News

දේශපාලන ප්‍රවර්ධනයට බාල වයස්කාර දරුවන් යොදා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලීමක්

මැතිවරණ කාලසීමාව තුළ දී බාල වයස්කාර දරුවන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමේ ප්‍රවනතාවයක් පවතින බවට මැතිවරණ නිරික්ෂණ සංවිධාන කිහිපයක් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කරයි.

එලෙස බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදාගන්නා විඩියෝ පට, වෙළෙඳ නිවේදන, පොස්ටර්, දැන්වීම් සඳහා යොදාගැනීම බාල වයස්කාර දරුවන්ගේ පෞරුෂ වර්ධනයට, මානසික මට්ටමට, අනන්‍යතාවට සහ අනාගතයට අහිතකර බලපෑමක් ඇති කරන බව දන්වා තිබේ.

මේ හේතුවෙන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා බාල වයස්කාර දරුවන් යොදා ගැනීමෙන් වළකින ලෙස සියලුදෙනා දැනුවත් කිරිමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.

Related posts

පාසල් අධ්‍යාපනයට නොමිලේ බෙදන්න නිකුත් කළ පොත් අලෙවියට තියලා

colombotoday

ආදායම් බලපත්‍ර අලුත් නොකළ වාහනවලට සිදුවන දේ

Admin

ප්‍රමාද කරලා වැඩක් නෑ: ජනපති අපේක්ෂකයා නම් කරන්න. විමල් මහින්දගෙන් ඉල්ලන්න යයි

colombotoday

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකසන්න උපදෙස්

Admin

ලක්ෂ 20ක් වූ සහෝදර හින්දු ජනතාව වෙනුවෙන් ‘හින්දු සම්මේලනය‘ ජනපතිගෙන් කරන ආයාචනය…

colombotoday

මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි

Admin