Colombo Today Local News

කදුකරයේ කළු කොටියා මද්දකට හසුවෙයි

ශ්‍රි පාද රක්ෂිතයේ සැරිසැරු කළු කොටියෙකු (පැන්තරාස් පාදුස්) අද (26) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලය පවසයි.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල එලවළු වගා භුමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරිම සදහා අටවන ලද මන්දකටයි මෙම කළු කොටියා හසු වි ඇත.

වනජිවි නිලධාරින් කියා සිටින්නේ අවුරුදු 08 ක් පමණ වයසැති දිගින් අඩි 6 ක් සහ උස අඩි 4 ක් පමණ යුක්ත මන්දට හසු වි ඇති කළු කොටියා හොදින් වැඩුණු කොටියෙකු බවයි.

වනජිවි නිර්වින්දන පශුවෛද්‍යවරයාගේ සහය ඇතිව මන්දට හසු වි සිටින කළු කොටියා මුදා ගැනිමට කටයුතු කර ඇති බවයි නල්ලතන්නිය වනජිවි කාර්යයාලය සඳහන් කර සිටියා.

Related posts

උඩවලවට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුව ගැන කමිටු වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට

Admin

ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය – එස්.බී දිසානායක

colombotoday

අග්නිදිග ආසියාව පුරා අයිසීස් පැතිර යයි ! එ.ජා. මහලේකම්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

අගරදගුරුතුමාගේ “යූ ටර්න්“ එකට දිවැසිවරු මවිත වෙයි…

colombotoday

“අක්බාර් ටවුන්” එඩේරමුල්ල 2 ලෙස නම් කිරීමට තීරණය වේ !

colombotoday

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday