Colombo Today Local News

කථානායක හා පක්ෂ නායකයන් රැස්වෙයි… අද පාර්ලිමේන්තු කටයුතු ගැන තීරණයක් ගනී…

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද(16) පෙරවරු 11.30ට පැවැත්විමට නියමිත බව කථානායක කාර්යාලය පැවසීය.

මන්ත්‍රීවරුන් අතර හටගත් නොසන්සුකාරි තත්ත්වයක් හේතුවෙන් ඊයේ (15) පාර්ලිමේන්තුව කල්දැමුණු අතර පසුව පැවැති පක්ෂ නායක රැස්විමෙන් අනතුරුව යළි අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබුණි.

ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා මෙම පක්ෂ නායක රැස්විම කැඳවා ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

එමෙන්ම විශ්වාසභංග යෝජනාව යළි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් එම රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි.

Related posts

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින්, නේපාලයට ඩොලර් මිලියනයක් ආධාර දෙනවා” – අගමැති

colombotoday

ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු සභාවට

colombotoday

කෘෂිකර්මේ සල්ලි ගිලින “සබීතා පාය“ ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්…

colombotoday

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන්, ලොක්කන් තිදෙනෙකුගේ වසරක වැටුප ඩොලර් මිලියනයයි

colombotoday

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday