Colombo Today Local News

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

නව පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ලබන 20 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 ට නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

එහිදී රැස්වන පාර්ලිමේන්තුවේ දී පළමුව කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුවේ.

අනතුරුව සියලු මන්ත්‍රීවරුන් දිවුරුම හා ප්‍රතිඥාව ලබා දීම සිදුකෙරේ.

Related posts

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

colombotoday

අමෙරිකා එක්සත් ජනපදය ඉහළම කොවිඩ් රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කරයි

colombotoday

චීනයෙන් ලැබෙන ඩීසල් ගොවිතැනට නොමිලේ

Admin

එස්.බී. ගේ – විමල්ගේ “අශූචි” සටන තවත් උණුසුම් වේ.. (Video)

colombotoday

නොසිතූ මොහොතක ගතම අප්‍රාණික වුවත්, මනසින් නොවැටුණු දිරිය දියණියක්…

colombotoday

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

Admin