Colombo Today Local News

කතානායක ඉවතට?

මුලසුනේ කටයුතු සාධාරණ ලෙස සිදු නොකරන නිසා කරු ජයසූරිය මහතා කතානායක ධුරයෙන් ඉවත් කරන ලෙසට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් සම්බන්ධව කතා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයට වැඩි කාලවේලාවක්‌ ලබා දී සභානායකවරයාට කතා කිරීමට ඉඩ නොදීම නිසා සිකුරාදා (10 දා) ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව ගියහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්‌ථාවේ සභා ගැබෙහි නොසිටියේය.

මන්ත්‍රීවරු සිය පැමිණිල්ල රැගෙන අගමැතිවරයා හමුවීමට ගොස්‌ ඇති අතර ඉතිහාසයේ පළමුවරට ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු රැස්‌වීම වර්ජනය කර සභාගැබෙන් පිටව යැමට සිදු වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපය නිසා බව ඔවුන් අගමැතිවරයාට කියා ඇත.

කතානායකවරයා දිගින් දිගටම මෙම ක්‍රියාකලාපය අනුගමනය කරන බව අගමැතිවරයාට ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරුන් සාධාරණ ලෙස කටයුතු කළ හැකි සෘජු මන්ත්‍රීවරයෙක්‌ කතානායක ධුරයට පත් කරන ලෙසටද ඉල්ලා ඇත. “සරත් ෆොන්සේකා” වැනි මන්ත්‍රීවරයෙක්‌ මේ සඳහා සුදුසු බවද ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු මේ අවස්‌ථාවේදී ප්‍රකාශ කළ බව දැන ගන්නට ඇත.

Related posts

නාකොටික් නිලධාරින් 12ක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

colombotoday

යුද හමුදාව සතුව තිබූ ගිනි අවියක් පාතාලයට ගිය ආකාරය සොයා විමර්ශන

colombotoday

බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන පාර්ශ්ව වෙත දීමේ තීරණයට විරෝධය

colombotoday

විජයදාසට – රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

colombotoday

ඇමති විජේදාස සිවිල් සමාජ මහාචාරියගේ හිවල් වත ගලවයි.. වැටි වැටී දුවන්නම දෙයි

colombotoday

ජපානයේ භූකම්පනයක් – පසුකම්පනය ගැන ජනතාවට අනතුරු අඟවයි

Admin