Colombo Today Local News

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සමග හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහය දැක්වීමට සූදානම් වන බවට මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කසුකුසුවක් ඇතිව තිබෙනවා.

කෙසේ වෙතත් රවී කරුණානායක මහතාගේ සමීප ආරංචි මාර්ග පවසන්නේ, රවී කරුණානායක මහතා එවැනි තීරණයක් ගෙන නොමැති බවත්, කිසි සේත්ම එජාපය හා පාක්ෂිකයා අතහැර නොයන බවට ඔහු දැඩි තීරණයක සිටින බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර එජාප ආරංචි මාර්ග සදහන් කරන්නේ, එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 5ත් 10ත් අතර පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂට සහය පලකරනු ඇති බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, හා මනෝ ගනේෂන් ඇමතිවරයාගේ පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීමට තීරණය කර ඇති අතර, ඩග්ලස් දේවානන්ද මහතා සහ ආරුමුගම් තොණ්ඩමන් මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර ඇත.

අමාත්‍ය රිෂාද් බදුර්දීන් සිය මන්ත්‍රීවරුන් 5 දෙනා සමග මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකරනු ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

මෙවර බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Admin

“කොහෙවත් යන ටීවී එකකින් ගේනඑක නෙවෙයි එකමඑක.. අපිත් ගේනවා පෙට් ස්කෑනරයක්.. ඒක මග එනවා” රාජිත

colombotoday

කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කරයි

Admin

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

colombotoday

“මං එකෙකුටවත් බය නෑ… මුං හිවල්ලු ටිකක්”

Admin

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්,ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් එවයි

colombotoday