නව ආණ්ඩුවක් පිහිටුවිම සදහා සහය පලකිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන් 29 දෙනෙකු එකගතාවය පළකර ඇතැයි වාර්තා වේ.
ඒ සදහා මීළග පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ශවයෙන් මැතිවරණයට ඉදිරිපත්වීමට සදහා අවස්ථාව ලබා දිය යුතුය යන්න කොන්දේසියක් ඉදිරිපත් වී ඇති බවද සදහන් වේ.
පූර්ව හා පශ්චාත් ජනාධිපතිවරණ සමයේ සිය අදහස්වලට ඇහුම්කම් නොදීමත්, නායකත්වය පිළිබදව පවතින දැඩි කළකිරීමත් මේ තීරණයට හේතු වි ඇති බවද වාර්තා වේ.