Colombo Today Local News

ජෙනරාල් ගැන ෆීල්ඩ් මාර්ෂල්ගේ ප්‍රකාශයට හමුදාපතිගෙන් සැර පිළිතුරක් !

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක ඉල්ලා සිටිනවා.

එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බවත් පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බවද හමුදාපතිවරයා අවධාරණය කර සිටි.

“පසුගිය කාලයේ මාව පයින් ගසා එළවද්දී කිසිම මොහොතක හමුදාවට විරුද්ධව කතා කළේ නැහැ. මා යළි යළිත් ඉල්ලනවා පෞද්ගලික අමනාපකම්වලට යුද්ධ හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා. ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් සමයේ තානාපති ධුරයක කටයුතු කළා. ඔහුගේ සේවා කාලය අවසන් වෙද්දී යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක්‌ ලැබෙනවා. එතකන් ඔය පැමිණිල්ල ලැබිලා තිබුණේ නැහැ මං දන්නා තරමට. ඔය කාගෙ කාගෙත් ප්‍රශ්නවලට උත්තරීතර හමුදාව සම්බන්ධ කරගන්න එපා.”

“ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරේ සිටියදී මට සිදු වූ අසාධාරණකම්වලට මං ඔහුට දොස්‌ කියන්න ගියේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාව සම්බන්ධ කරගෙන කළ ප්‍රකාශයට හමුදාව අප්‍රසාදය පළ කරනවා. ත්‍රස්‌තවාදීන් සමඟ පැවැති යුද්ධයෙන් හමුදාවේ විසිඅට දහසක්‌ පමණ මියගියා. ඒ වගේ දෙගුණයක්‌ සෙබළුන් තුවාල ලැබුවා. ආබාධිතයන් වුණා. හමුදාව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළේ මේවා අහන්නද? උත්තරීතර ආරක්‍ෂක හමුදාව කිසි විටෙක මානව හිමිකම් කඩ කළේ නැහැ. අපි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සලකන්නේ ඔහු ආරක්‍ෂක හමුදාවට කළ උසස්‌ සේවය නිසයි. නැතිනම් දේශපාලනය නිසා නොවෙයි.”

 

Related posts

අගමැති වෙන්න මට අවශ්‍ය නෑ – කතානායක

colombotoday

ජනබල විරෝධය අස්සේ වස මුසුකළ කිරි පැකට් බෙදුවේ මුජිබර් රහුමාන්ද ?

colombotoday

ඇමති කබීර් හෂීමිගේ ගෝලයෙකු පැනමා ලැයිස්තු වේ – තවමත් රජයේ ආයතනයක සභාපති.

colombotoday

ව්‍යාජ වීසා හැදූ බත්තරමුල්ලේ කත අත්අඩංගුවට

colombotoday

සොරා ගත් ‘සඳගල’ පුරාවිද්‍යා ස්මාරකය සොයා මෙහෙයුම් අරඹ‍යි

Admin

18ට අඩු දැරියන් විවාහ කරගන්න ඕනෑමයි. උලමා සභාව යලි අවධාරණය කරයි.

colombotoday