Colombo Today Local News

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

eknaligodaමාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැළිගොඩ පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදුන් පසුගිය රජයේ ප්‍රබලයකු ප්‍රශ්න කිරීම සඳහා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

එක්‌නැළිගොඩ ඝාතනයට අදාළ පරීක්‍ෂණ අවසන් අදියරට පැමිණ තිබෙන බවද ඊට සම්බන්ධ යුද හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට ප්‍රදීප් එක්‌නැළිගොඩ ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදී ඇත්තේ පසුගිය රජයේ සුවිශේෂී බලයක්‌ හිමිකරගෙන සිටි ප්‍රබලයකු විසින් බවයි. තිරය පිටුපස සිට මොහු එක්‌නැළිගොඩ ඝාතනය මෙහෙයවා ඇතැයිද හෙළිදරව් වී තිබේ.

එක්‌නැළිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධව කෙරෙන පරීක්‍ෂණ කටයතු සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත විවිධ බලපෑම් එල්ලවෙමින් පවතී.

එක්‌නැළිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වා ඊට සම්බන්ධ අපරාධකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස්‌ දී තිබේ.

එක්‌නැළිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරු දෙදෙනකු ඇතුළු එකොළොස්‌ දෙනකු මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

– දිවයින

Related posts

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

colombotoday

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

colombotoday

අලුත් අවුරුද්දට අඩු ආදායම්ලාභීන් දෙන 5000 දීමනාව අද සිට

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලයි

colombotoday

අදත් පැයක විදුලි කප්පාදුවක්

colombotoday

ඔබට අනාගතයක් ලබලා දෙන්න මම අකමැත්තෙන් හෝ ගිහින් ජාත්‍යන්තරයෙන් හිඟාකෑවා – රනිල් වික්‍රමසිංහ

Admin