Colombo Today Local News

උප්පැන්නෙන් ජාතිය හැලෙයි… සිංහල,දෙමළ,මුස්ලිම් වෙනුවට “ශ්‍රී ලාංකික“ යනුවෙන් යොදයි…

උප්පැන්න සහතික නිකුත් කිරීමේ දී සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් ජාතිය සටහන් කිරීම වෙනස් කර ශ්‍රී ලාංකික යනුවෙන් සටහන් කිරීම ආරම්භ කළ යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (28) යාපනයේ චාවකච්චේරියේ දී පැවති උත්සවය ඒ මහතා සඳහන් කළේය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පවත්වන ‘නිල මෙහෙවර’ ජනපති ජනතා සේවය ජාතික වැඩසටහනේ චාවකච්චේරි ප්‍රාදේශීය නිල මෙහෙවර අද ඩ්‍රිබර්ග් විද්‍යාලයේ දී පැවැත්විණි.

එහි දී අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙසේ පැවසීය.

”කෙනෙක් උපදින අවස්ථාවේ දී උප්පැන්න සහතිකයෙන් ම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙන් කරනවා. මේ ක්‍රමය නැවැත්විය යුතුයි. මේ විෂය තියෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. අපි අනාගතයේ දී උප්පැන්න සහතිකයේ ශ්‍රී ලාංකික කියලා ලියන්න කටයුතු කරන්න ඕනෑ.

අපි ජාති වශයෙන් බෙදෙන්නේ නැතිව හැමෝම මනුස්සයන් හැටියට වැඩ කළොත් පමණයි මේ රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ. අපි ශ්‍රී ලාංකිකයන් විදියට සිතිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් විදියට කටයුතු කළ යුතුයි.

Related posts

නාම යෝජනා කැඳවන තුරු අපේක්ෂකයා නම් නොකරන බව එජාපය කියයි

colombotoday

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday

ශ්‍රී ලංකාව හරහා ISIS ත්‍රස්තවාදීන්ට වේදනා නාශක පෙති යවන ජාවාරමක් හෙළිවේ..

colombotoday

පල්ලෙකැලෙන් පැන්න රැදවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්

Admin

පෙට්‍රල් බෝතලයක් 800යට වික්ක පොම්පකරුගේ බිරිඳ මාට්ටු

colombotoday

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday