Colombo Today Local News

ශ්‍රී ලංකාව හරහා ISIS ත්‍රස්තවාදීන්ට වේදනා නාශක පෙති යවන ජාවාරමක් හෙළිවේ..

ලිබියාවේ සිටින අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාව හරහා යැවූ බව කියන ට්‍රැමඩෝල් නැමැති වේදනා නාශක පෙති මිලියන 37ක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් ‘‘ පුවත්සේවය වාර්තා කරයි.

ඉන්දියානු ඖෂධ සමාගමක් විසින් ලිබියාවට යවා තිබූ එම වේදනා නාශක පෙති තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 75 ක් බවද වාර්තා වෙයි.

මෙම වේදනා නාශක පෙති තොගය සීත කබා සහ හිස ගල්වන ෂැම්පු වර්ගයක් ලෙසින් ව්‍යජ ලෙසින් සඳහන් කර ඉතාලියේ ජෙනෝවා වරායේ බහාලුම් තුනක සඟවා තිබියදී ඉතාලි පොලිසීය විසින් සොයා ගනු ලැබිණි.

වෙළෙඳ වාසි ලබාගැනීම සඳහා සහ ලිබියාවේ ටොබෘක් සහ මිසරාටා ප්‍රෙද්ශයේ සිටින අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පෙති ගෙන්වා ඇතැයිද පොලීසිය හෙළිදරව් කරගෙන තිබේ.

එම සමාගම විසින් මෙම තොගය ඇමෙරිකානු ඩොලර් මිලියන 250,000ට අලෙවි කර ඇති බවත්, ඩුබායි කේන්ද්‍ර කරගත් ආනයනකරුවකු විසින් මෙම පෙති තොගය ඇණවුම් කර ඇති බවත් අනාවරණයවී ඇත.

ඉන්පසුව ශ්‍රී ලංකාව හරහා මෙම වේදනා නාශක පෙති තොගය ගෙන්වා ඇති බවත් ශ්‍රී ලංකාවේදී මෙම තොගයට අදාළ නිල ලියකියවිලි අතුරුදහන් කර ඇති බවත් හෙළි වී ඇත.

Related posts

“චෝල, මාඝ, එළාරට බැරි වුණු දේ උඹට පුළුවන් ද ???” – මර්වින් සිල්වා විග්නේෂ්වරන්ට සැරට අමතයි

colombotoday

ගෑස් මිල සංශෝධනය අද

Admin

ශ්‍රී ලංකාවේ හිරවී සිටින තම පුරවැසියන් රැගෙන යාමට රුසියාව සහ ස්විට්සර්ලන්තය ගුවන් යානා 3ක් එවයි

colombotoday

රනිල් පොරොන්දු වුන වැටුප් වැඩිකිරීම ගැන සමාලෝචනයක්

Admin

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදන

colombotoday

සිංහල බෞද්ධ ඡන්ද ඕනනම් ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබාදිය යුතුයි. – සුදත්ත හිමි

colombotoday