Colombo Today Local News

උතුරෙන් දැවැන්ත ජන ගගක් කොළඹට… කොටි සැකකරුවන් නිදහස් කරන්න ඉල්ලා උද්ඝෝෂණයකට සැරසෙයි…

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය අවසන් වූ වහාම විශාල පිරිසක්‌ උතුරේ සිට කොළඹට රැගෙන විත් දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස නිදහස්‌ කරගැනීම පිණිස දැවැන්ත උද්ඝෝෂණයක්‌ පවත්වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

“දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරනු” යනුවෙන් සඳහන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් 8 දා දහවල් සංවිධාන කරන ලද විරෝධතා ස්‌ථානයට පැමිණි මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා කියා සිටියේ රජය මේ සම්බන්ධයෙන් දක්‌වන ප්‍රතිචාරය පිළිබඳව කිසිසේත් සතුටු විය නොහැකි බවයි.

මේ නිසා දෙමළ ජාතික සන්ධානයත් මේ ප්‍රශ්නයට සහාය දක්‌වන දෙමළ හා සිංහල දේශපාලන පක්‍ෂවලත් සහාය ලබාගෙන කොළඹදී දැවැන්ත විරෝධතාවක්‌ දක්‌වා රජයට විශාල බලපෑමක්‌ කරන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම විරෝධතාව සංවිධාන කිරීම සඳහා එකම බාධාව වී ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය බව කී මන්ත්‍රීවරයා එය ඉතා ඉක්‌මනින් පහව යනු ඇතැයි යන විශ්වාසය මත විරෝධතාවයේ සංවිධාන කටයුතු මේ දිනවල සිදු කරගෙන යන බවද කියා සිටියේය.

Related posts

දෙමළෙන් බණ කියන හාමුදුරුවෝ

colombotoday

මහින්දානන්දගේ පාවාදීමේ චෝදනාවට සාක්ෂි නැතිනම් ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරන්නැයි මාලිංග කියයි

colombotoday

ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍ය‍යෙන් පිටුවහල් කරයි

Admin

එක්නැලිගොඩ නැවතත් කරළියට.. මූලික පරීක්ෂණ විභාගය යළි අරඹයි !

colombotoday

ආපදා සේවයේ යෙදී සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි !

colombotoday

කෝච්චි නෑ.. සාමාන්‍ය පෙළ සිසුන්, රාජ්‍ය-පෞද්ගලික සේවකයන් අනාථයි !

colombotoday