Covid 19

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 275 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ රෝගීන් සංඛ්‍යාව 11,335 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (02) දිනයේ හඳුනාගැණනු නව ආසාදිතයින් 275 දෙනා අතරින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අනෙක් ආසාදිතයින් 230දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ය.

ඒ අනුව, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 7857 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වු කොවිඩ් රෝගීන් 5249 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර රෝගීන් 6065 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

හොරණ බොඩිලයින් සේවකයින් 5000ක් නිරෝධායනයේ

colombotoday

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

හොරණ, කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 47 ක් හදුනා ගැනේ

colombotoday

තවත් කොවිඩ් මරණ 92ක් – අවුරුදු 30ට අඩු දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday