Colombo Today Local News

ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් 15ක් ලංකාවේ සිට ඉන්දියාවට පැනලා !

අයි.එස්. ත්‍රස්තවාදීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ලක්ෂදීප් දූපතට පැමිණ ඇති බවට පලවන බුද්ධි අංශ වාර්තාවලට අනුව කේරළ වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීමට එරට පොලීසිය පියවර ගෙන ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයි.එස්.ත්‍රස්තවාදීන් 15 දෙනෙකු පමණ යාත්‍රාවක් මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ සිට ලක්ෂදීප් දූපතට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මේ හේතුවෙන් කේරළ වෙරළ තීරයට දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව එරට පොලීසිය පවසයි.

වෙරළ තීරයට පැමිණෙන යාත්‍රා සම්බන්ධයෙන් සහ වෙරළබඩ ප්‍රදේශයේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබදව ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය මැයි 23 වන දින සිට මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.

කේරලය තුළ ඉරාකයෙන් සහ සිරියාවෙන් පැමිණි අයි.එස්.අයි.එස්. සාමාජිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර චීනය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ලිහිල් කර ඇති බව වාර්තා වෙයි.
 
පසුගියදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ චීන රජය විසින් චීන ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබු තහනම ඊයේ දිනයේ සිට ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

colombotoday

මහජන අදහස් විමසීමට එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ වැඩසටහනක් වවුනියාවේදී

colombotoday

1818 අධිරාජ්‍ය විරෝධි කැරැල්ල 2018දීත් යළි ඇති නොවුනොත් ජාතියේ ඉරණම භයානකයි

colombotoday

නවක වදය දුන් සිසුන් 15 යළි රිමාන්ඩ්

colombotoday

‘සයිටම් විතරක් මදි.. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 15ක් ඇතිකළ යුතුයි‘ – දඹර අමිල හිමි

colombotoday