World

ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති

තමන් ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කරති.

ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස එලෙස එම වෙබ් අඩවියට පිවිසුණු බව ඔවුහු පැවැසූහ.

ඉරානයේ හැකර්කරුවන් පිරිසක් යැයි පැවසෙන එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ.

එම වෙබ් අඩවිය ඇමෙරිකානු පුරවැසියන්ට රජයේ ප්‍රකාශන කිසිදු වියදමකින් තොරව ලබාගැනීම සඳහා නිර්මාණය කරන ලද්දකි. වෙබ් අඩවියේ නම වෙනස් කිරීමෙන් පසු ඔවුන් එහි ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි මහතාගේ සහ ඉරාන ධජයේ රූප ද පළ කර තිබේ.

“සුලෙයිමානීගේ වසර ගණනාවක අසමසම කැපවීමේ ප්‍රතිඵලය ප්‍රාණත්‍යාග” යැයි සඳහන් කරමින් හැකර්කරුවන් රූප සටහනක් නිර්මාණය කර තිබිණි. ඇමෙරිකානු ජනාධිපතිවරයාට අත මිට මොළවා පහරක් එල්ල වන අයුරු ද දක්වා තිබිණි. ඊට යටින් ඉරාන මිසයිල ද එම රූප සටහනට එක් කර තිබිණි.

“ඔහු නික්ම ගිය නමුත් දෙවියන්ගේ බලයත් සමඟ ඔහුගේ රාජකාරිය සහ මාර්ගය අවසන් වෙන්නේ නැහැ. ඔහුගේ ලෙයින් සහ අනෙකුත් විරුවන්ගේ ලෙයින් දෑත් අපවිත්‍ර කරගත් අපරාධකරුවන්ගෙන් පළිගන්නවා” යැයි ද එම රූප සටහනේ දක්වා තිබිණි.

“මෙය ඉරානයේ සයිබර් හැකියාවේ පුංචි දෙයක් පමණයි” යනුවෙන් ද වෙබ් පිටුවේ තවත් තැනක දැක්විණි. 

Related posts

රුසියානු ගුවන්යානය විනාශකළේ 1.5Kg ක TNT අඩංගු ප්‍රමිතියෙන් තොර බෝම්බයක් – ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව සනාථයි

colombotoday

රුසියාව ඉරානය සිරියාවේ වෙනුවෙන් එක් වෙති – යලිත් ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ – පුටින් අනතුරු අඟවයි

colombotoday

කාන්තාවන්ට හිස් ආවරණය හා අබාය අවශ්‍ය නෑ – සෞදි රජුගෙන් තවත් ප්‍රගතිශීලී තීරණයක්

colombotoday

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අසාධාරණම නඩු තීන්දුව ලැබුණු කැත්ලීන්ට වසර 20කට පසු සමාව

Admin

මම අද රෑ ප්‍රකාශයක් කරනවා. ලොකු ජයග්‍රහණයක්! | ඩොනල්ඩ් ට්‍රුම්ප්ගෙන් ට්විටර් සටහනක්

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday