Colombo Today Local News

ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛණිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ නිසා

ජනතාව කිසිම දිනක දැක නැති හා ජනතාවට බලා ගැනීම සදහා ඉදිරිපත් කර නැති ඉන්ධන මිල සූත්‍රය නැමැති ‌‌ගෝනි බිල්ලා ඉදිරියට දමා එක් රැයකින් ඉන්ධන මිල ඉහළ දමන්නේ ඛණිජ තෙල් සංස්ථාවේ මේ වන විට සිදු වන මහා පරිමාන වංචා දූෂණ නිසා බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ,

රන්ජිත් විතානගේ

“ඇමතිවරයාගේ නෑදෑ හිතවතුන් විසින් මේ වන විට ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරනු ලබන අතර ඔවුන් විසින් හිතුමතේ ඛණිජ තෙල් සංස්ථාවේ මුදල් කාබාසිනියා කර දමමින් සිටී. එයට ආසන්නම උදාහරණය වන්නේ 1996 ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇමතිවරයා විසින් භෝජන සංග්‍රහයක් පැවැත්වීමය.

තවද ඛණිජ තෙල් පිරිපහදුවේ අතුරැ ඵලයක් ලෙස ඉවත් කරනු ලබන දැවි තෙල් සදහා වෙනත් රසායනික යොදා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ඛණිජ තෙල් සංස්ථාව තුළ ක්‍රියාත්මක අතර මීට මාස කිහිපයකට පෙර ඒසේ කවලම් කරන ලද තෙල් අඩංගු බවුසර් දෙකක් අත්අඩංගුවට ගෙන නියමිත පරීක්ෂණ වලින් පසුව එම බවුසර් දෙකේ අඩංගු දැවි තෙල් නැවත සපුගස්කන්ද පිරිපහදුව වෙත යැවූමට නියෝග කරනු ලැබුවත් විමර්ශණ අංශයේ සේවයේ නියුතු ඇමතිවරයාගේ සමීප නෑයකුගේ මැදිහත් වීම මත එම බවුසර් දෙක නැවත හිමිකරැවන් වෙත නිකුත් කර ඇත.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවන මහාපරිමාන වංචා දූෂණ ඉදිරියේදී හෙළි කිරීමට අප සංවිධානය බලාපොරොත්තුවෙන් සිටී.
ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවන වංචා දූෂණ නිසා සමස්ත ඉන්ධන පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට සිදුවීමත් රජය මේ පිළිබදව කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීමත් කණගාටුදායකය.”

Related posts

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසිම අද

colombotoday

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

colombotoday

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

colombotoday

ගඩොල් බාගේ කතාවට අගමැති කිපෙයි.. දෙරණේ සංඛ ගෙදර යවයි.. විකාශන බලපත්‍රයටත් අනතුරු ඇගවීම්!

colombotoday