Colombo Today Local News

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (26දා) පැවසීය.

කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විශ්වාසභංගය යෝජනාවක් ගෙනවිත් සම්මත කර ගැනීමට තරම් බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කර නොමැති බැවින් ඉදිරි මාස 04 තුළදී එම ධුරයේ වෙනසක් සිදුනොවන බවද එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව වාරාවසාන කළද කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යායුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.

අභිනව පාර්ලි‌මේන්තුවක ප්‍රථම රැස්වී‌මේදී ‌හෝ තනතු‌රේ පුරප්පාඩුවක් පැනනැගුණු කල්හි පාර්ලි‌මේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 04හි සඳහන් කාර්ය පටිපාටිය අනුගමනය කරමින් කථානායකවර‌යෙකු පත්කර ගනු ලැබේ.

කථානායක ධුරයට යම් මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට වෙනත් මන්ත්‍රීවරයකුට හැකියාව තිබෙන අතර, කථානායක ධුරය සඳහා එකකට වැඩි නම් සංඛ්‍යාවක් ‌යෝජනා ‌කොට ස්ථිර කරනු ලැබ ඇත්නම් ඡන්දය විමසිය යුතු බවද ස්ථාවර නි‌යෝග අංක 04 හි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

Online අධ්‍යාපනයෙන් ළමයින්ට මානසික රෝග රැසක්… දරුවන් රෑ එළිවෙනකන් අසභ්‍ය වීඩියෝ පට බලන්න පෙළඹිලා

colombotoday

පාසල් පෙම් නිසා සිසුන් දෙදෙනෙකුගේ හිසට – බෙල්ලට පිහියෙන් ඇනලා

colombotoday

ජනපති-අගමැති කිරිපැණි වගේ.. ඇතැම් අය විකෘති මතයක් සමාජගත කිරීමට උත්සහා කරනවා

colombotoday

බදියුදීන්ගේ දෙකක්, හකීම්ගේ එකක් පනී… ඇමතිකම්වල දිවුරන්න සූදානම්…

colombotoday

මධුෂ් සමග හසුවූ රයන් වෑන් රෝයි ඇතුළු 5ක් පිටුවහල් කරයි.. කටුනායකදී අත්අඩංගුවට…

colombotoday

මාබෝලේ ඉස්මත් පීසිආර් පරීක්ෂණයට නොයෙන ලෙස ජනතාවට බලකරන බවට බොදු බල සේනා සංවිධානයට පැමිණිල්ලක්.

colombotoday