World

‘ඇමෙරිකානු ජනපති කවුරු වුවත් ඉරානයේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ’

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළ ද ඉරානය ඇමෙරිකාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවන බව ඉරානයේ උත්තරී නායක අයතොල්ලා අලි කමේනී රූපවාහිනිය ඔස්සේ පැවැසීය.

‘‘අපි මේ ප්‍රතිපත්ති තීරණ ගන්නේ හොඳින් සිතා බලා. ඇමෙරිකාව සම්බන්ධයෙන් අපි තීරණ ගන්නේ ඉතාම විපරමෙන් පුද්ගල මාරුවක් වුණා කියලා එහි වෙනසක් වෙන්නේ නැහැ’’ යැයි රූපවාහිනි ඔස්සේ රටවැසියන් අමතමින් ඉරාන උත්තරීතර නායකයා එම කරුණු සඳහන් කළේය.

නබි නායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් එලෙස රට වැසියන් අමතමින් ඉරාන උත්තරීතර නායකයා එම කරුණු කීය.

‘‘ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. බොහෝදේවල් සිදුවේවි. එහෙත් අපි ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති ස්ථීරයි. ඒවායේ වෙනසක් නැහැ. කවුරු ජනාධිපති වුණත් ඒවායේ වෙනසක් නැහැ. ජනාධිපති කවුරු වුණත් අපි අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ’’ යැයි ඉරාන උත්තරීතර නායකයා කීය.

පසුගිය කාලයේදී ඉරානය සහ ඇමෙරිකාව අතර මතභේද උත්සන්න වූ අතර දෙරට අතර ආයුධ සන්නද්ධ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ද නිර්මාණයග දෙරට අතර අවස්ථා දෙකකදී එවැනි තත්ත්ව ඇතිවිය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගත්තේ ය. ලෝක බලවතුන් සහ ඉරානය අතර 2015 දී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබිණි. එම සමයේදී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය.

Related posts

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday

මේ වන විට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගිහින්

colombotoday

මියන්මාර් උද්ඝෝෂකයින්ට ආරක්ෂක හමුදාවෙන් වෙඩි – 38ක් මරු දකී

colombotoday

චාරිත්‍රානුකූලව නගරාධිපතිවරයකු කිඹුලියක සමග විවාහ වෙයි.

colombotoday

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Admin

චීන කඳවුරුවල උයිගර් කාන්තාවන් දූෂණ කල බවට චෝදනා

colombotoday