Colombo Today Local News

ඇඳිරිනීතිය කැඩූ 11ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ පසුගිය ඉරිදා දින සිට මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 135 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මේ අතර ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සැල් ඇතුළු කිසිදු වෙළෙඳසැලක් විවෘත කිරීම සපුරා තහනම් වන බව මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

එම ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් හෙට (15) දිනයේ තීරණයක් ගන්නා බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වසංගත අවදානම සියලු ප්‍රදේශවල පවතින බැවින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

වායු දූෂණ මටට්ම 75% කින් අඩු වෙයි

Admin

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

colombotoday

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Admin

ආරක්ෂක හමුදාවට එරෙහි චන්ද්‍රිකාගේ අවලාදවලට එරෙහිව මහින්දගෙන් තදබල නිවේදනයක් !

colombotoday

ජනපතිගේ තීරණයට එජා. මහලේකම්ගෙන් පැසසුම්.. ඇමරිකානු තානාපතිටත් සතුටුයි !

colombotoday