World

ආර්ථිකය ගොඩ ගන්න පාකිස්ථානු අගමැතිගෙන් දැඩි තීරණයක්…

පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින දෙපාර්තමේන්තුවල අතිරේක දේපළ විකිණීමට එරට කැබිනට් මණ්ඩලය අඟහරුවාදා අනුමැතිය පළ කළේය.

එමගින් රුපියල් ප්‍රකෝටි ( ට්‍රිලියන) ගණනක ආදායමක් ඉපැයීමට හැකි වේ යැයි රජය අපේක්ෂා කරන බව තොරතුරු ඇමැති ෆාවඩ් චෞද්‍රි ජනමාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.විකිණිය යුතු අමාත්‍යාංශ වත්කම් පිළිබඳ ලේඛනයක් අගමැති ඉම්රාන් ඛාන් විසින් සලකාබලමින් සිටින බවද ඔහු පවසා ඇත.

මෙම වාහන තොගයට සුකොපබෝගී වාගන 70 ක් අයත් අතර එහි බෙන්ස් BMW හා සුපිරි රථ අයත් බව සදහන්. එසේම අගමැතිවරයා යටතේ ඇති අනවශ්‍ය වාහන 102 ද මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙනවා. එසේම මේ වන විට පකිස්තාන නය ට්‍රිලියන 30 බවත් එය පකිස්තාන ආර්ථිකය මෙන් 87% ක නය ප්‍රමාණයක් බවත් වාර්තා වෙනවා.

ඇතැම් අමාත්‍යංශ මේ වනවිටත් විකිණීමට යෝග්‍ය දේපළ පිළිබඳ ලේඛන කැබිනට් මණ්ඩලය වෙත එවා ඇති බව ඔහු තවදුරටත් දැනුම් දුන්නේය.2017 දෙසැම්බරයේදී ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් වංක භාවය මත සුදුසුකම් අහිමි කරනු ලැබූ පාකිස්තාන ටෙහ්රීක්-අයි-ඉන්සාෆ් පක්ෂයේ නායක ජෙහන්ගිර් ටරීන් දිගු කලකට පසු කැබිනට් මණ්ඩලය ඉදිරියේ පෙනී සිට රුපියල් බිලියන 290ක් වටිනා ජාතික කෘෂිකාර්මික හදිසි අවස්ථා වැඩසටහනක් යෝජනා කර තිබීම කැපී පෙනෙන කරුණක් විය.

මෙය ඉතා ප්‍රභල සාධාරණ ලෝකයම අගය කරන ආදර්ශයකි. ලංකාවේ නය බර ගැන කියන සැම පක්ෂයකටම අයත් පුද්ගලයින් තම අමාත්‍යංශ රජය දෙපාර්තුමේන්තු සදහා අසීමිතව ගෙනත් ඇති වාහන සංඛ්‍යාව වත් අඩු කිරීමට විකිනීමට කටයුතු කරන්නේ නැත. චෝගම් වෙනුවෙන් ගෙනා අසීමිත වාහන තොග අදටත් අවභාවිතා වේ.

එම වාහන තොගයවත් විකුනුවානම් බිලියන ගණනක් ඉපයීමට හැකියාවක් ඇත. කෝටි ගණනක බස් රථයක් ගෙනත් තිබු අතර එයට වුන දෙයක් අදටත් නැත.

අලුතින් වාහන දහස් ගණන් බදු රහිතව ගෙනත් තිබේ. අනවශ්‍ය ලෙස ගොඩනැගිලි කුලියට ගෙන තිබේ. අනවශ්‍ය කාර්යමණ්ඩල තබාගෙන තිබේ. ලංකාවේ කිසිවකු නාස්තිය නතර කර හරි කළමනාකරණයක් කරනවායි පෙන්වා නැත. දින 51 ආණ්ඩුව කලෙත් හෙලිකොප්ටර් ආරක්ෂාව වාහන වැනි වියදම් වලට අසීමිතව වැය කිරීමයි.

එනිසා මෑත කාලයේදී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් බිහිවන කිසිවකු අවංකව නාස්තිය දුෂණය හිතවත් සංග්‍රහය නතර නොකරන බවනම් කැට තබා සහතික විය හැකි. ජනතාවද ඒවා පිළිබද එතරම් තකන්නේ නැති නිසා අසීමිත බදු ගෙවමින් අමාරුවෙන් අපහසුවෙන් මන්ද බුද්ධිකයන් මෙන් ජිවත් වෙමින් සිටි.

Related posts

ඇමරිකානු ප්‍රහාරයකට තනිවම මුහුණ දීමට තමා සුදානම් – උතුරු කොරියානු නායක

colombotoday

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක

colombotoday

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

colombotoday

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමං වූ කාන්තාවක් දින 5කට පසු බේරා ගනී

Admin

ලෙබනනය තවත් සති දෙකකට වසා දමයි

colombotoday