Colombo Today Local News

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

 ගාල්ල  දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ  මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දේවස්ථානයේ භාණ්ඩාගාරිකවරයා සහ තවත් පුද්ගලයෙකි.

මෙම දේවස්ථානය තව්හිත් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන දේවස්ථානයක් වන අතර මෙම තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

සැකකරුවන් අද(28) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

“ඉන්දන නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍යක්”

colombotoday

ජනපති වැය ශීර්ෂය ගැන එජාපයේ අවසන් තීරණය දැනුම් දෙයි…

colombotoday

චීනයට ගිය අගමැති චීන එක්සිම් බැංකුවේ සභාපති හමුවෙයි !

colombotoday

පි.බි.ජයසුන්දරගෙන් උපදෙස් ගැනීම ජනපතිගේ විනාශයට මුලක්

colombotoday

ගාමිණී වියන්ගොඩ රාවය පුවත්පතේ කොටස් මිළදී ගනී !

colombotoday

මාර්තු 31න් පසු අපේ රටෙන් ගෘහ සේවයට කාන්තාවො යන්නේ නැහැ..

Admin