Colombo Today Local News

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

වර්තමාන ලෝකයේ මිනිස්සු මනුෂ්‍ය ජීවිතය අගය නොකරන බවත්, ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකු බවත්, ආගමක් හේතුවෙන් මිනීමැරීමට නොහැකිබවත්, කිසිවකු එසේ කරන්නේ නම් එය මහා පාපයක් බවද, දෙවියන්ගේ මැවිල්ලට පරිභවයක් බවද කාදිනල් (11) කොටුගොඩදී  පැවසූහ.
 
අගරදගුරු මේ බව පැවසුවේ ශුද්ධ වූ  කයිතානු  මුනිතුමන් වෙනුවෙන් කැපකර ඇති  කොටුගොඩ  දේවස්ථානයේ (11) උදෑසන  පැවති 125 වෙනි  ජුබිලි සැමරුම්  දේව මෙහෙයට සහභාගී වූ අවස්ථාවේදීය. 
  
‘කෑදරකමයි, පෙරේතකමයි මනුස්ස ජීවිතයට ළංවුණාම ජීවිතය හිර කූඩුවකට වැටෙනවා. දෙවියන් වහන්සේ  මේ ජීවිතය  දීලා තියෙන්නේ යම් අරමුණක් ඉටුකරගන්නයි.  එය අප කරගත යුතුයි.  ජීවිත එකිනෙකට වෙනස් හැමෝටම දෙවියන් විවිධ  තලෙන්තු දීලා තියෙනවා.  එය තුළ ඉලක්කයන්  තියෙනවා.  අරමුණක් තුළ  ජීවිතය අප ගෙන යායුතුයි.  දෙවියන්ටත්, අසල්වැසියාටත්  ප්‍රයෝජනවත්  ආගමික  ජීවිතයක් අප පවත්වා ගෙන  යායුතුයි.   හැබැයි  අද වනවිට  අවාසනාවකට ආගමත්  දේශපාලනයට  කලවම් කරගෙන  භාවිත කරන්න හදනවා. ආගමයි දේශපාලනයයි  එක හා සමාන වෙන්නේ නැහැ.  දේශපාලනය තුළ යම් ආකාරයකට ආත්මාර්ථකාමීත්වය  තිබෙනවා.  බලය කියන්නේ සේවයටයි. දේශපාලන ලෝකයේ නායකයින්   මතක තබා ගත යුතුයි සේවය සඳහායි කැඳවීම ලබා තියෙන්නේ.  අනිත් අයගේ ජීවිත ලස්සන කරන්න  වගකීමක් එහි  තියෙනවා.  දැහැමි ලෙස සියල්ලක්  සිදුකරන්නේ නම් පරිශුද්ධ භාවයේ මාර්ගයට  එය ප්‍රවේශ වනවා. දෙවියන්  විසින් මැවු මිනිසා  පරිසරයට ආදරය කල යුතුයි.  කිතුනු අප සැම  අනුන්ටත් කරදරයක් නොකර  තමන්ටත්  දෙවියන්ටත් සතුටු වන ලෙස  ජීවිතය  මෙහෙයෙව්වොත්    ශුද්ධ වූ  කයිතානු  මුනිදුන් ලෙස  සාත්තුවරයකු  විය හැකියි.  
 
 විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි ලංකාවට  කෑදරකම  බෝ වෙලා තියෙන්නේ. ආර්ථික ප්‍රතිපත්ති, මාක්ස්වාදය ආගමත් එක්ක සම්බන්ධ කරන්න බැහැ. ඒවා මිනිසාව හිරකර  බැඳ තබන න්‍යාය ධර්මයන්.  මේ හැම න්‍යාය ධර්මයක්ම මිනිසුන්ව වහලුන් බවට පත් කරනවා. දේශපාලන පක්ෂත් න්‍යාය ධර්මයන් තුළ මනුෂයාව හිර කර තබනවා.  ඒනිසයි ඡන්දයක් ඉවර වුණාම මිනීමරාගන්නේ.  අද ලංකාවට අවශ්‍ය වන්නේ දහම් විප්ලවයක්.  ඒ නිසයි සබත් පාසැල්  ළමයි සදහා ඉරු දින  උපකාරක පංති  තහනම් කරන්න කියලා පාර්ලිමේන්තුවට  දේශපාලන යෝජනාවක් ගෙනආවේ.  ඒත්  සමහර ටියුෂන්  ගුරුවරු  ඒකට විරුද්ධව නඩු දැම්මා  ඒ නඩුවලට අපත්  සම්බන්ධ වුණා  දරුවන් වෙනුවෙන්’යැයිද අගරදගුරු පැවසූහ.

Related posts

ජනපති තවත් පොරොන්දුවක් ඊයේ කඩ කරලා !

colombotoday

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

Admin

ආදරයේ නාමයෙන් පෙම්වතාට බිලිවූ පාසල් දැරියක් පෙම්වතා යහළුවන් දස දෙනකුටත් දීලා.. ඇඹිලිපිටියෙන් ඇසෙන සත්‍ය කතාවක්

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday

මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයි

colombotoday

සහරාන්ගේ සැලසුම වී ඇත්තේ 2020 නිදහස් දිනයේදී ප්‍රහාර එල්ල කිරීමටයි.

colombotoday