Colombo Today Local News

අසනීපයි එන්න විදියක් නෑ සත්තයි හොද වුන ගමන් එනවා- CIDයට කරුණා අම්මාන් දන්වයි

ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබේ.

තමන් අසනීප තත්ත්වයෙන් සිටින බවත් සුව වු පසු අදාළ ප්‍රකාශය ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බලාපොරෝත්තු වන බවත් ඔහු දන්වා තිබෙන බව වාර්තා වේ.

අම්පාර ප්‍රදේශයේ දී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස ඊයේ (22)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දි තිබුණි.

ඒ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරික්ෂණයට අදාළවය.

Related posts

ඇල්පිටියේ සියලුම කොට්ඨාස පොහොට්ටුවට !

colombotoday

නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි ?- විශාලතම රේඩාර් පද්ධතියත් අහිමිවේ

colombotoday

“එජාපය සමග යහන්ගතවන අය ශ්‍රීලනිපය ගැන කිඹුල් කදුළු හෙළීම විහිළුවක්” – ප්‍රසන්න රණතුංග

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වේ.. ප්‍රදේශ රැසකට විදුලිය නෑ !

colombotoday

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

colombotoday