Colombo Today Local News

අශේන් CCD රැගෙනවිත් ප්‍රශ්න කරයි… රහස් තොගයක් වමාරයි…

හිටපු නියෝජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජංගම දුරකථන පටිගත කිරීම ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ දිනයේ පැය තුනක පමණ කාලයක් අශේන් සේනාරත්න නම් සමාජජාල ක්‍රියාකාරිකයා ගෙන ප්‍රශ්න කර තිබේ.

ඇදාල ප්‍රශ්න කිරීම්වලදී රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද වාර්තා වෙයි.

තමන් අවස්ථා කීපයේදීම රාමනායක මහතාගේ මාදිවෙල මන්ත්‍රී නිවසට ගොස් ඇති බවද සමාජ ජාලා ක්‍රියාකාරකම්වලට අදාළ ඔහුට සහාය දුන් බවද අශේන් සේනාරත්න සඳහන් කර ඇත. එමෙන්ම රාමනායක මහතාගේ නිවසට නිතර ආගිය ඇති පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම්ද මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.

Related posts

“වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා” – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී සමාව ඉල්ලයි

Admin

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුට කොරෝනා

colombotoday

අයි ටී එන් නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

5000 හොර නෝට්ටු 65 සමග උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවේ

Admin

ජනාධිපති බ්‍රික්ස් සමුළුවට නොයන්නේ ඇයි?

Admin