Colombo Today Local News

අල්ලස් කොමිසමේ රථගායට මහජන මුදල් හත් කෝටියක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා කොමසාරිස්වරුන් වෙත ලබාගත් බෙන්ස් රථ තුන හා වෑන් රථ පහකට මාසිකව රුපියල් ලක්ෂ විසි එක බැගින් 2016 සිට ගත වූ වසර තුතට රුපියල් හත් කෝටි පනස් හය ලක්ෂයක කුලියක් පෞද්ගලික ආයතනයකට ගෙවා ඇතැයි හෙළිවී තිබේ.

අල්ලස් කොමිසම මාසිකව වසර පහක් යන තෙක් මෙම පෞද්ගලික සමාගමට මෙලෙස මුදල ගෙවිය යුතු අතර වසර පහ අවසානයේ එම වාහන අදාළ සමාගමට අයිති වේ.

පසුගිය රජයේ මුදල් ඇමැතිව සිටි රවි කරුණානායක විසින් ඇමැති මණ්ඩල තීරණ මත සියලු රජයේ ආයතන වෙත අදාළ කුලී පදනම මත වාහන ලබා ගැනීමට අනුමැතිය දී තිබිණි.

මේ අනුව අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස සිටි දිල්රුක්ෂි වික්‍රමසිංහගේ ඉල්ලීම මත 2016 වසරේ සිට එක් මෝටර් රථයකට මාසිකව හාරලක්ෂ පනස් දහසක් බැගින් කුලී ගෙවීමේ පදනම මත CAU 0154, CAU 0158 සහ CAU 0161 අංක දරන බෙන්ස් රථ ***තුනට පමණක් මාසිකව ගෙවන මුදල රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසකි.

එමෙන්ම එක් වෑන් රථයකට මාසිකව එක්ලක්ෂ පනස්දහස බැගින් NC 9166, NC 9167, NC 9168 ගෙවීමේ පදනම මත NC 9169 සහ NC 9170 දරන වෑන් රථ පහක්ද එම කොමිසම මගින් ලබාගෙන ඇත. ඒ සඳහා මාසිකව හත්ලක්ෂ පනස් දහසක කුලියක් ගෙවමින් සිටී.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

අමල් පෙරේරාගේ සහ රයන් වෑන්ගේ නිවස් වටලයි – කොකේන් හිස් කොපු හමුවේ – සොහොයුරෙකු අත්අඩංගුවට

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday

යහපාලන සමයේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහනට කෝටි ගණනක් වියදම් කරලා.

colombotoday