Colombo Today Local News

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

රුපියල් 100,000ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත් ග්‍රාම නිලධාරිනියක් සහ එයට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 09, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව එම ග්‍රාම නිලධාරිනිය සහ එයට අනුබල දුන් පුද්ගලයා ඊයේ (27)දින අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පැමිණිකරු ඉල්ලූ පදිංචිය පිළිබඳ සහතියක් ලබා දීමට රුපියල් 100,000ක මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා එම මුදල ලබා ගැනීමේ දී අදාළ සැකකාරි හා සැකකරු ග්‍රාම නිලධාරී කාර්යාලය තුළදී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති ග්‍රාම නිලධාරිනිය තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයක්තව රාජකාරි කරන අයෙකු බව වාර්තා වේ.

Related posts

ඉන්දු-චීන-ඇමරිකා බල අරගලය මැදින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින්ම ඔසවා තබන සැලසුම ගෝඨා හෙළි කරයි (Video)

colombotoday

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දුන් බලපත්‍රයෙන් දෙදෙනෙක් හෙරොයින් ප්‍රවාහනය කරලා

colombotoday

සේයා ඝාතන පරීක්ෂණය: පොලිසිය අනාගත්තාද?

colombotoday

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

මහා සංඝරත්නයේ ගැටළුවලට කම්කරු දිනය දා විසදුම් ලැබෙන බව ජනපති කියයි

colombotoday