Colombo Today Local News

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් සමග අංගොඩ බෝවන රෝගායතනයට යැවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පවසයි.

මෙම දැරිය සහ තවත් පිරිසක් මින්නේරිය කටුකෙලියාව යුධ හමුදා නිරෝධායන ඒකකයේ ඇගේ මව සමග නිරෝධායනය වෙමින් සිටියදි සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි කොරෝනා ආසාධිත රෝගයට ගොදුරු වි ඇති බව සනාථ වි තිබුනි.

මෙම දැරිය අල් කාසිම් නිවාස යෝජනා ක්‍රමයේ හමුවු පලමු කොරෝනා ආසාදිත 62 හැවිරිදි පුද්ගලයා හා තවත් පිරිසක් සමග මන්නාරම තාරා පුරම් අවමගුලකට සහභාගි වු පිරිසෙන් අයකු බව කියයි.

පලමු ආසාදිතයා පසුගිය 7 දින කොරෝනා බවට සනාථ විමේන් පසු ප්‍රථිකාර සදහා අංගොඩ බෝවන රෝගායතනයට යවා තිබු බව කියයි.

මෙම පලමු ආසාදිතයාගේ වැඩිහමල් පුත්‍රයාද 15 දින කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ වි තිබුනී .

මේ අනුව සෞඛ්‍ය අංශ හා බුද්ධි අංශ මෙම ආසාධිත පිරිස් ‍ඇසුරු කල පිරිස් සොයා ගැනිමට කටයුතු කරමින් සිටින බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පැවසිය.

Related posts

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් වාරිකය බැංකුවට

Admin

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin

සත්ත්ව සුබ සාධනයට පනත් කෙටුම්පතක්

colombotoday

අධිකරණ තීන්දුවලට ගරු කරනවා – නාමල් කියයි

Admin

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

colombotoday

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday