Colombo Today Local News

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

2020 මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09)දින රාත‍්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත.

එක් – එක් දිස්ති‍්‍රක්කවල අපේක්ෂකයින්ගේ මනාප අංක අද පෙරවරුවේ දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරුන් වෙත යොමු කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසා සිටින්නේ.

ඒ අනුව, දිස්ති‍්‍රක් ලේකම් කාර්යයාල මගින් අද පෙරවරුවේ සිට එම අංක ලබා ගැනීමට අපේක්ෂකයින්ට හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, මහමැතිවරණය පැවැත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසම ඊයේ (08)දින තීරණය කළා. බොහෝදුරට එම නිවේදනය හෙට (10) දිනය තුළ නිකුත් වනු ඇති බවට ද වාර්තා වේ.

Related posts

ශ්‍රී ලාංකිකයන්ට ඉතියෝපියාවේ රැකියා අවස්ථා – විදේශ ඇමති මංගල

colombotoday

පොලිසිය කීවත් ඉන්ටර්පෝල් රතු ලයිස්තුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම නෑ…

colombotoday

TNA නිදහස සමරන්න ආ එඩ්වඩ් රහසේ හමුවෙයි… ෆෙඩරල් ව්‍යවස්ථාවට උදව් ඉල්ලයි

colombotoday

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

colombotoday

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday