Colombo Today Local News

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙති

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ දී අද (08) අලුයම 4.30ට පමණ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ සේක. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සදහා පසුගිය 03 වනදා රාත්‍රියේ සිංගප්පූරුවේ රෝහලක් වෙත ඇතුළත් කළා. එදින මධ්‍යම රාත්‍රී 12ට පමණ සිංගප්පූරුවෙන් ගෙන්වන ලද විශේෂ ගුවන් යානයකින් සෝභිත ස්වාමීන් රෝහල්ගත කිරීම සදහා රැගෙන ගියේ විශේෂඥ වෛද්‍යවරයෙකු ද සමගයි.

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ – සාධාරණ සමාජයක් නිර්මාණය සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරමින් සිටියා. උන්වහන්සේ – 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නාලෙස රජයට බල කරමින් නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 27වන දිනයි.

https://www.youtube.com/watch?v=zjMpgm7Z9uI

Related posts

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday

මෝටර් රක්ෂණ වන්දි නොගෙවා Allianz Insurance සමාගමෙන් පොල්ලක්

colombotoday

කීල්ස් NEXUS කාඩ් ගිණුමට මුදල් බැර කිරීමට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

හිජාස් හිස්බුල්ලාගේ ඇප සළකා බැලිම සම්බන්ධයෙන් නීතීපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

එජාපය නැමැති දේවාලයෙන් ඉවත්ව ජනතාවාගේ ප්‍රශ්න විසඳන්න බෑ

colombotoday